අන්තර් දිස්ත්‍රික් වයස අවුරුදු 23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය – දකුණේ කිරුළ ගාල්ලට

111

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් දිස්ත්‍රික් වයස අවුරුදු 23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ දකුණු පළාත් ලීග් ශූරතාවය දිනාගන්නට ගාල්ල කණ්ඩායම සමත් වූයේය.

ගාල්ල කණ්ඩායම මූලික වටයේ ඔවුන් සහභාගි වූ කිසිදු තරගයක් පරාජයට පත්වූයේ නැත.

ගාල්ල, මාතර, රත්නපුර, මොනරාගල, බදුල්ල සහ හම්බන්තොට යන කණ්ඩායම් 6ක් දකුණු පළාත් තරගාවලිය යටතේ තරග වැදුණි.

අන්තර් දිස්ත්‍රික් වයස අවුරුදු 23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය - දකුණේ කිරුළ ගාල්ලට

මේ තරගාවලිය තුළ උතුරු මැද, උතුර, දකුණ (ඌව + නැගෙනහිර), මධ්‍යම සහ බස්නාහිර යන පළාත් 5ක් මූලික වශයෙන් කේන්ද්‍ර කර ගනිමින් උප තරගාවලි 5ක් පැවැත්වෙයි.

ඊට අමතරව පසු ගිය දින දෙකේ පැවැත්වුණු අනෙක් පළාත් තරගවලදී මහනුවර, පොළොන්නරුව, මඩකලපුව කොළඹ දකුණ සහ අනුරාධපුර යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තේය.

ගාල්ල සහ මාතර,

මාතර – 60/9 (20): ලක්ෂා අභිමානි 3/14

ගාල්ල – 61/5 (16.2): සුමුදු නිසංසලා 18, දේවින්දි රසාංජනා 3/25

ගාල්ලට කඩුලු 5ක ජයක්

මහනුවර සහ ත්‍රිකුණාමලය,

මහනුවර – 130/2 (20): සංසලා වනිගසේකර 72, තරුෂි තත්සරණි 26,

ත්‍රිකුණාමලය – 48 (14.1): නිමේෂිකා සෙනෙවිරත්න 5/11, ශනිල්කා සත්‍යන්ගි 2/15

මහනුවරට ලකුණු 82ක ජයක්

කළුතර සහ කොළඹ දකුණ,

කළුතර – 98/6 (18): රෂිනි පෙරේරා 31, ඉමල්ෂි යසාර 3/15

කොළඹ දකුණ – 99/4 (16): ශිකාරි ද සිල්වා 35

කොළඹ දකුණට කඩුලු 6ක ජයක්

advertistmentadvertistment
advertistmentadvertistment