නවසීලන්තයට කඩුළු 06ක ජයක්

143


ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 157 හමුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 32.5කදී කඩුළු 04ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තේය .ඒ අනුව තෙවැනි එක්දින තරගය කඩුළු 06කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.විල් යංග් නොදැවී 86ක් ද හෙන්රි නිකුලස් නොදැවී 44ක් ද ලබාගත්හ.ළහිරු කුමාර කඩුළු 02ක් ද කසුන් රාජිත සහ දසුන් ෂානක එක් කඩුල්ලක් බැගින් ද දවාගත්හ. මෙම ජයග්‍රහණයත් සමග තරග 03කින් සමන්විත වූ එක්දින තරගාවලිය තරග දෙකක් ජය ගත් නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ ජය ද හිමි කරගත්තේය.දෙවැනි තරගය වර්ෂාව නිසා අත්හැර දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment