පාඨලි චම්පික අලුතෙන් ගණන් හදයි

3416

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරණය පිළිබඳව අලුතින් විශ්ලේෂණය කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා තීරණය කර තිබේ.

මීළඟ ජනාධිපතිවරණයට තමා තරග කරන බව ඔහු මින් පෙර ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ අලුතින් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු කෙරෙන්නේ කෙසේද යන්න පිළිබඳවත් එහිදී තමන් ගොඩනැගීමට බලාපොරොත්තු වන සන්ධානයට ඡන්දදායකයන් දිනාගත හැක්කේ කෙසේද පිළිබඳවත් ඔහු තම සමීපතම දේශපාලනඥයන් සමග ගණනය කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව නව සන්ධානය පිහිටුවීම පිළිබඳව නවතම තීන්දු තීරණ කීපයක් ගැනීමට චම්පික රණවක මහතා තීරණය කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment