පොලිස් ඇඳිරිය පැනවීමෙන්  මූලික අයිතිවාසිකම් කඩවුණා – නීතිඥවරයකුගෙන් පැමිණිල්ලක්

101

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හා නීති විරෝධී අන්දමින් පොලිස්පතිවරයා විසින් පසුගිය 08 වැනිදා රාත්‍රි 9.00 සිට පසුදින දක්වා බලපැවැත්වෙන පරිදි බස්නාහිර පළාතේ පොලිස් අධිකාරි කොට්ඨාස 07 කට පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

පොලිස් ආඥා පනත යටතේ එලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවීමේ නීතිමය බලයක් පොලිස්පතිවරයාට නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තමන් ඉල්ලා සිටින පරිදි එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ද නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සිය ලිඛිත පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment