මුතුරාජාගේ ප්‍රතිකාරවලට සහාය වීමට ශ්‍රීලංකාවෙන් 4 ක් තායිලන්තයට

121

ශ්‍රී ලංකා තායිලන්ත තානාපති කාර්යාලයේ ඇරයුමක් මත තායිලන්තයේ වෙසෙන මුතුරාජා ඇතාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන රාජපක්‍ෂ, පශු වෛද්‍ය මධුෂා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්‍ෂක නඳුන් ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් සහ තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 4 දා රාත්‍රි 11.00 ට කටුනායක ගුවන්තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගියහ.

මෙහිදී අදහස් දැක්වූ පශු වෛද්‍ය මධුෂා පෙරේරා මහත්මිය මුතුරාජා හස්තියාට සත්ව උද්‍යානයේදී වසර 9 ක් ප්‍රතිකාර කළ පශු වෛද්‍යවරිය ලෙස මෙම සුවිශේෂී අවස්ථාව තමන්ට ලැබීම ගැන විශාල සතුටක් ලබනවා යැයි කීවේය.

මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment