දේශීය ආදායම් සංශෝධන පනත සරල බහුතරයකින් සම්මත කර ගත හැකියි – කථානායක මහින්ද යාපා අබේවර්ධන

72

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කතානායක මේබව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සපයා ඇති කරුණු අනුව පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන් කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවට (අනුකූලයි) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරයකින් නීත්‍යනුකූල ලෙස සම්මත කළ හැකිය.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment