නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහනේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

29
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විදේශ ප්‍රේෂණ කළමනාකරු ඩිල්ශාන් පීරිස් මහතා ජයග්‍රාහක සෙන්දිල්සෙල්වම් සෙල්වරත්නම් මහතා වෙනුවෙන් ගුවන් ටිකට්පත සුජීවකාන්තන් කුමාර් මහතා වෙත පිරිනැමූ අවස්ථාව.

“ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” යන තේමාව යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් දියත් කරන ලද විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණ. මෙරටට මුදල් එවීමේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විදේශ ප්‍රේෂණ සේවාවන් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් දිරිගැන්වීම හා රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කරමින් ආර්ථික වර්ධනයට සහය වීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.

ජර්මනියේ පදිංචිව සිටින සෙන්දිල්සෙල්වම් සෙල්වරත්නම්, කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රීකපිලන් සුබශ්‍රී සහ ප්‍රංශයේ පදිංචිව සිටින ශලිනි අලගප්පන් මෙම වැඩසටහනේ ජයග්‍රහණ හිමිකරගත් අතර, ඔවුන්ට තම ආදරණීයයන් දැකබලා ගැනීම සඳහා, යෑමට සහ ඒමට ගුවන් ටිකට්පත් හිමි විය. මෙම ටිකට්පත් මෙරට සිටින ඔවුන්ගේ ආදරණීයයන් විසින් ලබා ගන්නා ලදී.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහනේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ශාඛා) මේනක වෑවිට මහතා ශ්‍රීකපිලන් සුබශ්‍රී මහතා වෙනුවෙන් ගුවන් ටිකට්පත ජනස්ටීන් ඇලෝසියස් මහතා වෙත පිරිනැමූ අයුරු

තරගයට සුදුසුකම් ලැබීම සඳහා සිදුකළ යුතු වූයේ මෙරටට මුදල් එවීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විදේශ ප්‍රේෂණ සේවාවන් භාවිතා කිරීමයි. තරගයේදී ගුවන් ටිකට්පත්වලට අමතරව තවත් ජයග්‍රාහකයන්ට සුපිරි වෙළඳසැල් වෙතින් තෑගි වවුචර දිනාගැනීමටද අවස්ථාව හිමි විය. මෙම ගුවන් ටිකට්පත් භාවිතයෙන් තම ආදරණීයයන් දැකබලා ගැනීම සඳහා ඔවුන් සිටින රට වෙත ගොස් ඔවුන් සමග සුන්දර කාලයක් ගත කිරීමට මෙමඟින් අවස්ථාව සැලසේ.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” වැඩසටහනේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත් මහතා ජයග්‍රාහිකා ශලිනි අලගප්පන් වෙනුවෙන් එම ටිකට්පත කොඩීස්වරරාසා සෙල්වරාසා මහතා වෙත පිරිනැමූ අවස්ථාව. එමෙන්ම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විදේශ ප්‍රේෂණ සහ අලෙවිකරණ අංශයේ සාමාජිකයින්ද ඡායාරූපවල පෙනී සිටිති.
advertistmentadvertistment
advertistmentadvertistment