සංවර්ධන අබිමන් ජාතික සමුළුව 2024

26

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටේ ජන ජීවිත එළිය කරමින් හතරවන දශකය පසුකරමින් සිටියි. එදා මෙදා තුර සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආ ගමන් මගෙහි ඔවුන් සමඟ නිබඳව අත්වැල් බැඳ සිටි බෙදාහැරීමේ අලෙවි නියෝජිත, අලෙවි නියෝජිත, අලෙවි සහායක ඇතුළු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ශක්තියවී ඇත. ඒ ශක්තියෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසර, ඉතිහාසයේ වාර්තාගත ජයග්‍රාහීම වසර බවට පත්කර ගෙන ඇත.

ඒ ඉතිහාසයේ වැඩිම ලාභය ලෙස රු. බිලියන 3.6 ක වාර්තාගත ශුද්ධ ලාභයක් සනිටුහන් කරමිනි. 2023 වසරේ ලොතරැයි ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් බිලියන 13.4කට අධික මුදලක් ත්‍යාග වශයෙන්ද ලබා දෙමින් ඔවුන් මෙම විජයග්‍රහණය සම්පූර්ණ කර ගෙන ඇත. සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන ලොතරැයි ආදායමින් 50%කට අධික ප්‍රතිශතයක් වෙන් කරනුයේ ත්‍යාග වෙනුවෙනි. ඒ අතර දිවයින පුරාම කෝටිපතියන්, දස ලක්ෂපතියන්, ලක්ෂපතියන් සිය දහස් ගණනක් බිහි කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

අප්‍රමාණ ජයග්‍රාහකයන් පිරිසක් බිහි කරන අතර වාරයේම මෙලෙස වාර්ථාගත ලාභයක් ඉපයීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලද සුවිශේෂී ජයග්‍රහනයක් වන්නා සේම, ඒ අනුව 2024 වර්ෂයේ නව අලෙවිකරන උපාය මාර්ග තුලින් 2023ට වඩා වැඩි ප්‍රගතියක් අපේක්ෂාවෙන් අලෙවි ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් සහ ඉදිරි වසර සාර්ථකව ගමන් කිරීම වෙනුවෙන් ඔවුන්ව දැනුවත් කිරීමේ අරමුණින් සංවර්ධන අභිමන් ජාතික සමුළුව 2024 කොළඹදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඉතා සාර්ථකව පවත්වන ලදී. ඒ සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරු, මන්ත්‍රීවරු සහ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මැතිතුමා සහ එහි කළමණාකාරීත්වය සහභාගී වූහ.

සංවර්ධන අබිමන් ජාතික සමුළුව 2024
සංවර්ධන අබිමන් ජාතික සමුළුව 2024
advertistmentadvertistment
advertistmentadvertistment