2023 ACCA සම්මාන උළෙලේදී තිරසාර වාර්තාකරණය පිළිබඳ විශිෂ්ටත්වයෙන් ඩයලොග් පිදුම් ලබයි

44

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා, 2023 ACCA සම්මාන උළෙලේදී 2023 වසරේ විශිෂ්ටතම තිරසාර වාර්තාකරණය වෙනුවෙන් වන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විණි.

ඩයලොග් විසින් අනුගමනය කරනු ලබන තිරසාරත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණ භාවිතයන් උදෙසා ’සාමාන්‍ය සේවා කාණ්ඩය’ යටතේ මෙම සම්මානය පිරිනැමුණු අතර, එම භාවිතයන් විශිෂ්ටතම අයුරින් පවත්වාගෙන යාමට සමාගම දක්වන අප්‍රතිහත කැපවීමද මෙම සම්මානය මගින් අවධාරණය කෙරිණි.

තිරසර වාර්තාකරණය සම්බන්ධයෙන් ඩයලොග් ප්‍රමුඛයින් බවට පත්කෙරුණු මෙම ACCA සම්මාන උළෙල තුළින් සමාගම් විසින් අනුගමනය කරනු ලබන තිරසාර ක්‍රමවේදයන්හි විශිෂ්ටත්වය අළලා සම්මාන පිරිනැමේ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ, මෙරට තරගකාරී සමාගම්වල තිරසාර වාර්තාකරණ ප්‍රවේශයන් අභිබවා ඩයලොග් අනුගමනය කරන සුවිශේෂී ප්‍රවේශය මෙම සම්මානය හිමිවීම තුළින් විදහා දැක්වෙන අතර, තිරසාර වාර්තාකරණය සම්බන්ධ වැඩි දියුණු කිරීම් අඛණ්ඩව සිදු කිරීම සඳහා වන සමාගමේ කැපවීමද එමගින් ඇගයේ. එමෙන්ම, විස්තරාත්මක හා ව්‍යුහාත්මක වශයෙන් විශිෂ්ට ඩයලොග් තිරසාර වාර්තාව, තිරසර වාර්තාකරණ කාර්ය සාධනය දැක්වීමේදී සමාගම අනුගමනය කරන විනිවිදභාවය හා සවිස්තරාත්මක හෙළිදරව් කිරීම් පිළිබඳව ප්‍රබල නිදසුනක් ලෙසින්ද දැක්විය හැකිය.

“ACCA තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී මෙම සම්මානය හිමි වීම ඩයලොග් අපට ඉමහත් ගෞරවයක්” යනුවෙන්, මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ අදහස් දැක්විය.

“මෙම සම්මානය, අපගේ පාර්ශවකරුවන් සමග තිරසාර සංවර්ධනයක් සඳහා වගේම විනිවිදභාවයෙන් යුතු සන්නිවේදනයක් පවත්වා ගැනීම සඳහා අප දක්වන කැපවීම හෙළිදරව් කරන සාක්ෂියක්. සියලු‍ දෙනාට තිරසාර අනාගතයක් උදාකිරීමට අප පෙරමුණ ගන්නා බව සහතික කරමින්, එම තිරසරභාවය කැටිකර ගත් මූලික ව්‍යාපාරික ක්‍රමවේදයක් සඳහා අපගේ කැපවීම අගය කරමින් මෙම සම්මානය පිරි නැමුණු බව සඳහන් කළ හැකියි. එපමණක් නොවෙයි,

සමාගමේ මෙහෙයුම් හා වාර්තාකරණ ක්‍රමවේදවලට තිරසාර භාවිතයන් ඒකාබද්ධ කිරීමට අප දෙන වැදගත්කම පිළිබඳවත් ඩයලොග් වෙත මෙම සම්මානය හිමි වීමෙන් අවධාරණය කෙරෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment