මෛත්‍රිට එරෙහි වාරණය 29දා තෙක් දීර්ඝ කෙරේ

54

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (09 දා) නියෝග කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය මස 4 වැනිදා මුල්වරට එම වාරණ නියෝගය නිකුත් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 29 වැනිදා ලිඛිතව තම අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද ප්‍රධාන දිසා විනිසුරුවරයා මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළේය.

නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මෛත්‍රිපාල සිරිසේන, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, උප සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment