අත් දෙක කපාගෙන ගිය පුද්ගලයා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

129

මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේදී හතළිස් හැවිරිදි පුද්ගලයකුගේ අත් දෙක කපා එම කපාගත් කොටසද රැගෙන පලාගිය පුද්ගලයා ඊයේ (24 වැනිදා) මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු සැකකරු පැය හතළිස් අටක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී තිබේ.

පුද්ගලික කෝන්තරයක් මුල්කරගෙන මෙම සිද්ධිය වී තිබුණේ ඉකුත් 21 වැනිදාය.

සැකකරු ඊයේ නීතිඥවරයකු සමග පැමිණ අධිකරණයට භාර වී තිබිණි.

සැකකාර පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් හතළිස් හැවිරිදි පුද්ගලයාගේ අත් දෙක මැණික් කටුව ප්‍රදේශයෙන් වෙන්වන සේ කපා දමා තිබිණි. සැකකරු එම කොටසද රැගෙන පලායෑම නිසා යළි සැත්කමකින් බද්ධ කිරීමට තිබූ අවස්ථාව ද නැති වූ බව පරීක්‍ෂණ සිදුකරන පොලිසිය සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment