සමාජ මාධ්‍ය ක්‍රියාකාරික පියත් නිකේෂල රිමාන්ඩ්

213

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිදුකළ ප්‍රකාශයක් මහජනයා නොමඟ යවන සුළු ආකාරයෙන් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කළේ යැයි චෝදනා කරමින් සමාජ මාධ්‍ය නියාමන පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල අද (31) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මතතා ඊයේ (30දා) නියෝග කළේය.

එම සැකකරු විසින් සිදුකර ඇතැයි කියන වැරැදි සනාථ කිරීම සඳහා අද තම අධිකරණය හමුවට අවශ්‍ය නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට මහෙස්තක්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ශාන් ගනේගොඩ නමැත්තා විසින් පටිගත කර ඇති ටිරාන් අලස් මහතාගේ එකී ප්‍රකාශය මහජනතාව තුළ කැළඹීමක් ඇති වන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ බෙදාහැර ඇති බවත් එවන් වැරැදි සිදු නොකරන ලෙසට අධිකරණය විසින් මින් පෙරද අවවාද කොට තිබියදීත් සහ නැවත නැවතත් එම වැරැද්ද සිදුකර ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

නීතිඥ මනෝජ් නානායක්කාර මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment