කරාපිටිය රෝහලේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් රිමාන්ඩ්

383

කරාපිටිය රෝහලේ පිළිකා අංශය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවක සහ සේවකයන් දෙදෙනෙකු එළඹෙන 29 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.සැකරුවන් සහ සැකකාරිය ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 52 හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායිකාවක් සහ 45 හැවිරිදි හා 43 හැවිරිදි කාර්ය සහායකයන් දෙදෙනෙකි.පසුගිය 16 වැනි දා පැවති සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය මුල් කරගනිමින් කරාපිටිය රෝහලේ පිළිකා අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ එම ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අතර ආරවුලක් හටගෙන තිබූ අතර, එහි දී කණිෂ්ට සේවකයන් විසින් තමාට පහර දුන් බවට වෛද්‍යවරයා මෙම පැමිණිල්ල සිදු කර තිබේ.අදාළ වෛද්‍යවරයා විසින් පසුගිය 17 වැනි දා ගාල්ල පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේ දී මෙම සේවිකාව සහ සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment