කඩිනම් ගෝලීය මූල්‍ය ප්‍රතිසංස්කරණයක් ගැන ජනපති උගන්ඩාවේදී පවසයි

99

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ කම්පාලා නුවරදි ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව අමතමින් පැවසීය.එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් පිළිබඳ ආධිපත්‍යය දැරූ ලෝකය සඳහා බවය.අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළ විසින් පාලනය කරනු ලබන බවද ජනපති එහිදී පෙන්වාදී තිබේ.පවතින මූල්‍ය සම්පත්, ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment