අඩු අවදානම් කෙරෝනා රෝගීන්ට ගෙදරදීම ප්‍රතිකාර

342

සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු සහ අඩු අවදානම් බවින් යුතු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඞ් ආසාදිතයින් නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය මත රැුකබලා ගැනීමටත් අවදානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරීමටත් අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මාර්ගෝපදේශ පළාත් සහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලූම සෞඛ්‍ය ආයතන ප‍්‍රධානීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

 ඒ අනුව පැය 24 පුරා ක‍්‍රියාත්මක ප‍්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් (1390* හරහා රෝගීන් කළමනාකරණ කටයුතු කරනු ලැබේ. මෙමගින් රෝගියාට පහසුවෙන් තම නිවසේ සිට දින 14 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප‍්‍රතිකාර ලබාගත හැකිය. යම් හෙයකින් රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් කඩිනමින් එම රෝගීන් පිළිබඳ තොරතුරු දුරකථන ඔස්සේ ලබාගෙන රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබේ. මෙම ක‍්‍රමවේදය මගින් අනවශ්‍ය ලෙස රෝගීන් රෝහල් ගත කිරීමෙන් රෝහල් වාට්ටු තුළ ධාරිතාවය පිළිබඳ ගැටලූ සහගත තත්ත්වයන් ද අවම කරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවෙන් පසු කොවිඞ් ආසාදිතයකු ලෙස හඳුනා ගන්නා ලද්දේ නම් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හට ලබාදී ඇති මාර්ගෝපදේශ නිර්ණායකයන්ට අනුකූලව එම රෝගියා පරීක්ෂා කර නිවසේ රඳවා ප‍්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනීම සිදු කරනු ලබයි. මෙහිදී රෝගියා නිවෙස් තුළ ප‍්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සඳහා තම කැමැත්ත ද පළ කළ යුතුය. මෙහිදී රෝගියාගේ නිවෙස තුළ අන් අයගෙන් වෙන්ව සිටීමට කාමරයක් සහ රෝගියාට පමණක් භාවිතා කළ හැකි වැසිකිළි පහසුකම් තිබිය යුතුය. පරිගණක තාක්ෂණය ක‍්‍රමවේදය ඔස්සේ රෝගීන් ලියාපදිංචිය සිදු කෙරේ. එම තොරතුරු ප‍්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් හා සම්බන්ධ වේ. දුරකථන මධ්‍යස්ථානය ඔස්සේ රෝගීයාගේ තොරතුරු ලබාගෙන තහවුරු කර ගැනීමෙන් පසු ප‍්‍රධාන දුරකථන මධ්‍යස්ථානයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් ප‍්‍රමුඛ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට රෝගියා ලක්වේ. රෝගියාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද මෙහිදී ලබාදෙන අතර, රෝගියාගෙන් ලබාගන්නා තොරතුරු ද පරිගණක ගත කරනු ලැබේ. එම අධීක්ෂණ කටයුතුවල දී රෝගීන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට අවශ්‍ය වන්නේ නම් රෝගී තත්ත්වය අනුව රෝගියා යොමු කළ යුතු රෝහල් ඇතුළු ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ක්ෂණිකව යොමු කිරීමට පියවර ගනු ලැබේ. දින 14 කින් පසු රෝගියා මුදා හැරීමෙන් පසු රෝගීන් අධීක්ෂණ කටයුතු එම ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා අඛණ්ඩව සිදු කිරීමට ද පියවර ගෙන ඇත.


උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment