නැවෙන් ගොඩ යන්න ජනපතිට ප්‍රංශ සහාය

936

මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබා දීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති කෙටි හමුවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන් ජනපති මැක්‍රෝන් දැනුවත් කිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා මෙම එකඟතාව පළ කර තිබේ. නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වැනි ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම්වල සහාය මෙරටට ලබා දෙන බව කියා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා මගින් මෙම කටයුතු සම්බන්ධීකරණය කර ගන්නා ලෙස ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment