නිදහස් දා තායිලන්ත අගමැති කොළඹ කොටහේන තායි රාජ මහ විහාරයට…

59

තායිලන්තයේ නව අග්‍රාමාත්‍ය ශෙත්‍රා තව්සින් මහතා පෙබරවාරි 04 දින දහවල් කොළඹ කොටහේන දිපදුත්තාරාම තායි රාජ මහා විහාරයට පැමිණීමට නියමිතව ඇති අතර, එහිදී තත් විහාරාධිපති ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ සභාපති හා අමරපුර ශ්‍රී සම්බුද්ධ සාසනොදය මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහානායක ආචාර්ය වස්කඩුවේ මහින්දවංස මාහිමිපාණන් වහන්සේගේ හා කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය ලබාගැනීමට අපේක්‍ෂිතය.

මෙම විහාරස්ථානය දීර්ඝ කාලයක් පුරා තායිලන්තයේ රජ පරපුර හා සමීපව කටයුතු කරන අතර, එරට රාජ්‍යත්වය හෙබවූ ආනන්ද මහිදොල් රජතුමා, භූමිපොල් අදුල්‍යදෙජ් රජතුමා මෙන්ම වත්මන් රජතුමන්, චූලාබොන් රජකුමරිය හා මහා චක්‍ර සිරින්දොන් රජකුමරිය ඇතුළු රාජකීයයන් වරින් වර සැපත් වූහ. එසේම තායි අග්‍රාමාත්‍ය ධුර දැරූ තක්ෂින් ෂිනවත්‍රා, යින්ග්ලක් ෂිනවත්‍රා ඇතුළු එරට මැති ඇමැතිවරුන් නිතර සැපත් වූහ. තායි රජමැදුරෙ ගෞරවයට පාත්‍ර වූ ලියාපදිංචි ලංකාවේ එකම ආරාමය ලෙස මෙම විහාරය සැලකේ.

තායිලන්තයේ 3 වන රාම රජුගේ මුණුබුරා වන ප්‍රිස්ඩාන්ග් චුම්සායි රජකුමරු 1896 දී ලක්දිව පැමිණ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමිපාණන් යටතේ පැවිද්ද ලබා වැඩසිටියේ මෙම විහාරස්ථානයේ බැවින් එකී රාජකීය සම්බන්ධය අද දක්වා පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment