වයසක කතක කෙලෙසා රන්බඩු කොල්ලකති

170

කැලණියේ අමනයා සොයා පොලිසිය පළාතම පීරයි

කැලණිය ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවක අපයෝජනයට ලක්කර රන් භාණ්ඩ කොල්ලකා පලාගිය සැකකරුවකු සොයා කැලණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට සීසීටීවී දර්ශන පරීක්‍ෂා කරමින් සිටින බව ද පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය.

කැලණිය වරාගොඩ පාරේ 73 හැවිරිදි කාන්තාවක් 22 වැනිදා අලුයම මෙලෙස නිවස තුළදීම අපයෝජනයට ලක්වී ඇතැයි ද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ මංගලා මදුරප්පෙරුම-කැලණිය

advertistmentadvertistment
advertistmentadvertistment