‘ආර්ථික ඝාතනය‘ ග්‍රන්ථය අද ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනගත කෙරේ

113

මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ‘ආර්ථික ඝාතනය’ කෘතිය ජනගත කිරීම අද (25 වැනිදා)පෙ.ව.11.30 සිට ප.ව 1.00 දක්වා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී සිදු කරනු ලබයි. රට බංකොළොත් කිරීමේ ඇත්ත කතාව හෙළිදරව් කරමින් සහ ඊට බලපාන ලද දිගුකාලීන සහ කෙටිකාලීන හේතු ආර්ථීකමය වශයෙන් විග්‍රහ කරමින් මෙම කෘතිය රචනා කර ඇත. මෙය ශ්‍යාම් විසින් රචිත සහ සංස්කරණය කළ ග්‍රන්ථ මාලාවේ 20 වන කෘතියයි. මෙම ග්‍රන්ථය ජනගත කරන අවස්ථාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු ආර්ථික හා මූල්‍ය අංශවල නියෝජිතයන්

රැසක් සහභාගි වීමට නියමිතය. දැනට ශ්‍යාම් ‘දිවයින‘ පුවත්පතේ මුල්‍ය සහ ආර්ථීක කතුවරයා ලෙස කටයුතු කරයි. මෙම ග්‍රන්ථය ශාක්‍ය ප්‍රකාශනයකි. 0773558189 දුරකථන අංකයෙන් මේ ගැන වැඩිදුර විස්තර විමසිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment