පෙරපාසලේ අවුරුදු උත්සවයට යමින් සිටි ගුරුවරියක් ඝාතනය කරලා

575


සිය පෙරපාසලේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක් වෙත සහභාගී වීමට යමින් සිටි තරුණ පෙරපාසල් ගුරුවරියක් අද පෙරවරුවේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අංජලී චාපා නමැති 25 හැවිරිදි මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පේරාදෙණිය කොබ්බෑකඩුව ගිනිහේන ප්‍රදේශයේ මාර්ගයකදී ඇය ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත.
මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැන්පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment