මෛත්‍රී සුඛෝපභෝගී වාහන වලට වෛර කරයි

197


අධි සුඛෝප භෝගී වාහන ගෙන්වීම වසර හතරකට හෝ පහකට තහනම් කරන ලෙස හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙම අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා අති විශාල විදේශ විනිමයක් වැය වන බවත් එය කරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අප රටට දරාගත නොහැකි බවත් කීවේය.මේ වන විට පළාත් පාලන ඡන්දය සඳහා ඉදිරිපත්ව සිටින රජයේ සේවකයින්ට තවම වැටුප් ගෙවා නැතැයි ද පැවසීය.එනිසා ඔවුනට සිය දරු මල්ලන් නඩත්තු කිරීමට නොහැකිවීම නිසා ඉදිරියේදී කිහිප දෙනෙක් සිය දිවි හානි කරගනු ඇතැයි ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment