නෙදර්ලන්ත ගුවන් හමුදාව බෝම්බ දමා ඇෆ්ගන් වැසියන් 20 ක් ඝාතනය කළ බව අධිකරණය තීන්දු කරයි

257

මියගිය අයට වන්දි ගෙවන ලෙස රජයට නියෝග කරයි

නෙදර්ලන්ත ගුවන් හමුදාව ඇෆ්ගනිස්ථානයේ ජනාකීර්ණ ප්‍රදේශයකට බෝම්බ දමා සිවිල් වැසියන් 20 ක් මරාදැමූ බව නෙදර්ලන්ත අධිකරණය තීරණය කර ඇත.

එම බෝම්බ වලින් දිවි ගලවාගත් සිව්දෙනකු පැවරූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ අධිකරණය පැවසුවේ නෙදර්ලන්ත ගුවන් හමුදාව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝණය කර ඇති බවයි.

මේ නිසා මියගිය ඇෆ්ගන් සිවිල් වැසියන්ගේ ඥාතීන්ට වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නෙදර්ලන්ත රජයට නියෝග කර ඇත. 2007 වසරේදී මෙය සිදුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment