ඉරාන ගුවන් තොටේ ආරක්ෂක පද්ධතියට ඊශ්‍රායල ප්‍රහාරයෙන් දැඩි හානි

2685

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයේ ඉස්ෆාහන් ගුවන් තොටුපළේ ගුවන් ආරක්ෂක පද්ධතියට හානි වී තිබේ. පසුගිය පැය 24 තුළ නිකුත් කරන ලද චන්ද්‍රිකා ඡායාරූප මගින් සිකුරාදා අලුයම ඊශ්‍රායල ප්‍රහාරයකින් පසු ඉරාන ගුවන් කඳවුරකට සිදුවූ හානිය පිළිබඳ සාක්ෂි අනාවරණය වී තිබේ.

ඇමෙරිකානු නිලධාරීන් පවසන්නේ ඊශ්‍රායලය මිසයිල ප්‍රහාරයක් එල්ල කළ නමුත් මේ ප්‍රහාරය ගැන ඊශ්‍රායලයේ නිල තහවුරු කිරීමක් නොමැති බවයි. මීට පෙර මේ මස මුලදී සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයකට එල්ල කළ බවට සැක කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරයකින් අනතුරුව අප්‍රේල් 13 දා ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධාන ස්ථානය වන්නේ ඉස්ෆහාන් ගුවන් කඳවුරු සංකීර්ණයයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment