මැණික්හින්න රෝහලේ පුංචි යුද්ධයක්

486

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියෙකුගේ පාර්ශවයට මැණික් හින්න රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සිදුකළ බැණ වැදීමක් මුල්කර ගනිමින් රෝගියාගේ පාර්ශ්වයත් රෝහල් කාර්ය මණ්ඩලයත් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය හා මැණික්හින්න රෝහල් වලට ඇතුළත් කර තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු මැණික්හින්න රෝහලේ ප්‍රතිකාර ලබයි.

රෝගියා සමඟ පැමිණි ඔහු ගේ ඥාතීන් බව කියන 06 දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව මැණික්හින්න පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment