ඩුබායි කොන්ත්‍රාත්තුවකට වැල්ලම්පිටියේ පාතාල වෙඩි පත්තු වෙයි

379

නූලෙන් බේරුණු ත්‍රිරෝද රියැදුරු රෝහලේ

වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයට පෙරේදා (18 දා) රාත්‍රි කඩාවැදුණු පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු ‘රාජා’ නමැති අයකුට වෙඩි තබා පලාගොස් ඇත.

තුවාල ලැබූ රාජා 41 හැවිරිදි වියේ පසුවන ත්‍රිරෝද රථ රියැදුරකු බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින වැල්ලම්පිටියේ ධනුෂ්ක නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ධනුෂ්ක නමැති කුඩු ජාවාරම්කරුගේ කල්ලියේ සාමාජිකාවක මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට ඔත්තු ලබා දුන්නේ රාජා බව කියමින් ඔහුව මරා දැමීමට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සැක පහළ කරයි. සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment