චන්ද්‍රිකා-මෛත්‍රී වෙන වෙනම…….

363

ලොව ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දිනය සමරමින් හිටපු ජනපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ද ඊයේ :(17දා) වෙන වෙනම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සමරු උත්සව පැවැත්වූහ. හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් උදේ පැවති උළෙලට විජේදාස රාජපක්‍ෂල දුමින්ද දිසානායකල ලසන්ත අලගියවන්නල ජගත් පුෂ්පකුමාර ද එක්ව සිටියහ. ඊට පසුව සවස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උළෙලට ද කරු ජයසූරියල නිමල් සිරිපාල ද සිල්වා විදුර වික්‍රමනායකල ඒග එච්. එම්. ෆවුසි, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජෝන් සෙනෙවිරත්න, ජගත් පුෂ්ප කුමාර, ෆයිසර් මුස්තාපා, ටිකිරි කොබ්බෑකඩුව ද එක්ව සිටිනු දක්නා ලදී. ඇතැම් අය සමහරු උත්සව දෙකටම එක්ව සිටියහ.

ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment