කරාතේ ජාතික ශූරතා තරගාවලිය නිමා වෙයි

26

ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ 48 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති කරාතේ ජාතික ශූරතා තරගාවලිය බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පෙරේදා (29 දා) නිමාවට පත් විය.

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම ශූරතා තරගාවලිය මේ වසරේ පැවැත්වීමට කරාතේ සම්මේලනය සහ විධායක සභාව තීරණය කර තිබූ අතර පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1693 දෙනෙක් එහිදී තරග වැදුණහ. ජයග්‍රාහී ක්‍රීඩකයන් පිරිසකට සම්මාන සහ සහතික බෙදා දීමෙන් අනතුරුව කරාතේ ජාතික සම්මේලනයේ විධායක කමිටුවේ සභාපති සිසිර කුමාර සහ ලියාපදිංචි ප්‍රධාන උපදේශක රවී කුමාර යන මහත්වරු මෙසේ ඡායාරූපයකට මුහුණ දුන්හ.

ලේකම් කීර්ති බස්නායක, භාණ්ඩාගාරික රෝහණ ග්‍රේස්මන්, උප සභාපතිවරුන් වන ඩී.එම්.ඩී. නිමල්, උපලේකම් ඉසඩ්. ඒ. රවුෆ්, උපලේකම් ජගත් ප්‍රියදර්ශන යන නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment