ඩොලරයට අභියෝගයක්

665

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.මෙම නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇත. විදෙස් වාර්තා පවසන්නේ රුසියානු – යුක්රේනය යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකයක් නිර්මාණය කිරීමේ පිටුපස සිටින බවය. මේ අතර ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ ඇමෙරිකානු ඩොලරය ඉදිරියේදී භාවිතයෙන් ඉවත්ව යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බවය. ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරය වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පාලනය හමුවේ පහළ යමින් ඇතැයි ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment