රුසියාවෙන් වහාම පිටව යන්නැයි ඇමෙරිකාව සිය වැසියන්ගෙන් ඉල්ලයි

687

රුසියාවේ වෙසෙන ඇමරිකානුවන් වහාම එරටින් පිටව යන ලෙස ඉල්ලා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ලේකම් ඇන්ටනි බ්ලින්කන් ට්ටිටර් පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කර ඇත. මොස්කව්හිදී ඇමෙරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල්හි වාර්තාකරුවකු වන එවන් ගර්ෂ්කොවිච් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විරෝධය පලකරමින් මෙම පණිවුඩය නිකුත් කර ඇත.

එම ට්විටර් පණිවුඩය මගින් බ්ලින්කන් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ රුසියාව විසින් එක්සත් ජනපද පුරවැසි මාධ්‍යවේදියෙකු රඳවාගෙන ඇති බව නිවේදනය කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවය. රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ඉහළම ප්‍රමුඛතාවය වන්නේ විදේශයන්හි සිටින එක්සත් ජනපද පුරවැසියන්ගේ ආරක්ෂාව බවය. ඔබ රුසියාවේ ජීවත් වන හෝ සංචාරය කරන එක්සත් ජනපද පුරවැසියෙක් නම් – කරුණාකර පිටව යන්න යැයි ද සඳහන් කර ඇත.

අල්-ජසීරා පුවත් සේවයට අනුව ඔත්තු බැලීමේ චෝදනාව මත වෝල් ස්ට්‍රීට් ජර්නල් හි ඇමරිකානු වාර්තාකරුවෙකු වන එවන් ගර්ෂ්කොවිච් රුසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
රුසියානු ඔත්තු සේවයේ (කේජීබී) ඉහළ නිලධාරියෙක් පැවසූවේ මෙම වාර්තාකරු රහසිගත තොරතුරු ලබා ගැනීමට උත්සාහ කළ අතරතුර රඳවා ගත් බවය.

නිවේදනයක් නිකුත් කරමින් රුසියානු මධ්‍යම ආරක්ෂක සේවය පැවසුවේ ගර්ෂ්කොවිච් ඇමරිකානු පාර්ශවයේ උපදෙස් මත ක්‍රියා කරමින් රුසියානු මිලිටරි-කාර්මික සංකීර්ණයේ ක්‍රියාකාරකම් පිළිබඳ රාජ්‍ය රහස් තොරතුරු රැස් කළ බවය.

එම නිවේදනයේ අත්අඩංගුවට ගත් දිනය පිළිබඳ සඳහනක් නොතිබුණද ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු වුවහොත් ගර්ෂ්කොවිච් මහතා වසර 20 ක පමණ කාලයක් සිරගත කළ හැකිය.

ඇල්-ජසීරා පුවත්පතට අනුව සීතල යුද්ධයේ සිට ඔත්තු බැලීමේ සැකය මත රුසියාවේ රඳවා තබා ගන්නා ලද ඇමරිකානු ප්‍රවෘත්ති සංවිධානයක පළමු මාධ්‍යවේදියා ගර්ෂ්කොවිච්ය. ඔහු රඳවා තබා ගැනීම සිදුව ඇත්තේ යුක්රේනයේ ගැටුම් හේතුවෙන් දැඩි ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අවස්ථාවකය.

වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් මොස්කව්හි ඒෆ්පී හි කලින් සේවය කළ 31 හැවිරිදි එවන් ගර්ෂ්කොච් කුලියට ගෙන ඇත. වෝල් ස්ට්‍රීට් ජර්නල් හි ඔහුගේ ජීව දත්ත අනුව ඔහු මීට පෙර මොස්කව් ටයිම්ස් හි වාර්තාකරුවෙකු ලෙස සේවය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment