රටින් පිටව සිටි හිටපු තායි අගමැතිට සිර දඬුවම්

301

වසර 15කට පෙර හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් නෙරපීම හේතුවෙන් රටින් පිටමංව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවට්‍රා නැවත සියරට පැමිණීමත් සමගම අත්අඩංගුවට පත්ව තිබේ. හිටපු තායිලන්ත අගමැතිවරයා ඊයේ (22දා) සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලික ජෙට් යානයකින් තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි ඩොන් මුයෙන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වීමෙන් පසු අත්අඩංගුවට පත් වී ඇති අතර අනතුරුව ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යෑමෙන් පසු ඔහුට එරෙහිව එල්ල කර ඇති සාපරාධී චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකරු කර වසර අටක සිරදඬුවමකට යටත් කර ඇත.

හැත්තෑ හතර හැවිරිදි වියෙහි පසු වන ධනවත් ව්‍යාපාරිකයකු මෙන්ම තායිලන්තයේ මෙතෙක් සිටි අති සාර්ථක ඡන්දයෙන් තේරී පත් වූ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙස බොහෝ දෙනා හඳුන්වා දී ඇති හිටපු අගමැති තක්සින්ට එරෙහිව හමුදා පාලකයන් විසින් බලය අයුතු ලෙස හැසිරවීම ඇතුළු සාපරාධි චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබූ අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා ඇත්තේ තමාට එරෙහිව මෙම චෝදනා එල්ල කර ඇත්තේ දේශපාලන බලපෑමෙන් බවයි. මීළඟ තායිලන්ත නායකයා තෝරා පත් කර ගැනීමේ ඡන්දය ආසන්නයේ තායිලන්තයට පැමිණි හිටපු අගමැති තක්සින්ට සුබ පැතීම සඳහා ඔහුගේ ‘පියු තායි’ පක්ෂයට අයත් ආධාරකරුවන් රැසක් ගුවන්තොටුපළට රැස්ව සිට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment