හෙලෝ දෙන්නම ඇතුලට ගිය අය රිමාන්ඩ්

333

කළුතර බන්ධනාගාරයේ රදවා සිටින කුඩු ජාවාරම්කරුවන්ට ලබාදීම සදහා ජංගම දුරථන තුනක්ද රැගෙන උප‍්‍රමශීලීව බන්ධනාගාරගත වූ බවට සැකකරන පුද්ගලයකු සිය පාවහන් යුගලයේ අඩියේ එම ජංගම දුරකථන ස`ගවාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

ගංජා ළ`ග තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකු පොලසිය මගින් අද (03) පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඔහුට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා විභාග කළ මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුට සිර ද`ඩුවම් නියම කර ඇති අතර පසුව ඔහුව බන්ධනාගාර නිලධාරීන් කළුතර බන්ධනාගාරයට රැගෙනවිත් ඇත.

එසේ රැුගෙන ඒමෙන් පසුව සිදු කළ පරීක්‍ෂාවේදී එම රැුදවියා පැළදගෙන සිටි පාවහන් යුගලයේ අඩියේ සූක්‍ෂම ලෙස ස`ගවා තිබූ ජංගම දුරකථන තුනක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment