අපිට කන්න වෙන්නේ මහ පොළොවේ පස් ණය නොගෙව්වොත් වෙන්නෙ මැරෙන්න – කුකුළාපොල බඩඉරිඟු ගොවීහු උද්ඝෝෂණ

1197

හේන් ගොවිතැනෙහි නිරත මහියංගණ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරම ග‍්‍රාම නිලධාරි වසමක් වන කුකුළාපොල වසමේ සියළු හේන් ගොවීන් එක්ව 19 දින රාත‍්‍රී 7.00ට පමණ විරෝධතාවක් පැවැත්වූහ.

අපිට කන්න වෙන්නේ මහ පොළොවේ පස් ණය නොගෙව්වොත් වෙන්නෙ මැරෙන්න - කුකුළාපොල බඩඉරිඟු ගොවීහු උද්ඝෝෂණ

එහිදී ගොවීන් සඳහන් කළේ වී වගාව නොකරන තමන් හේන් ගොවිතැනින් පමණක් ජීවනෝපාය සරිකර ගන්නා බවයි. වන අලි කරදරය අපිට කිසි අඩුවක් නැතිව තිබෙනවා. අපේ වගාවට සමාවක් නැතිව බැට දෙනවා. අමාරුවෙන් බේරා ගන්නා කොටසින් තමයි අපි ජීවත් වෙන්නේ. කොරෝනාවෙන් ඒකත් අහිමිවුණා. අපිට වතුර හම්බවෙන්නෙත් හරි අමාරුවෙන්. අපට වෙනත් ආදායමක් නෑ. එක පාරම පෙහොර නැවැත්තුවාම අපි මොකද කරන්නේ. අපිට කන්න වෙන්නේ මහපොළොවේ පස්. ණය ගෙවා ගන්න බැරිවුනාම වෙන්නේ මැරෙන්න. ඒ නැතුව අපි මොනවා කරන්නද? ඔය කියන කොම්පෝස්ට්වලින් අපි ඔය වැඬේ කෙරුවා. මෙන්න තියෙනවා කොළාපාටින් වැහුණු හනසු විතරක්. බෙහෙතට එක ඇටයක් හොයා ගන්න බැහැයි ඔවුහු පැවසූහ.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුරුවක් රැුගෙනවිත් සිටි විරෝධතාකරුවන් එය පොළොවේ ගසා, අගමැතිවරයාගේ ඡුායාරූපයකට බඩ ඉරිඟු කවන ලදී.

මහියංගණ – රංජිත් කරුණාවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment