ඇල්ලවල ඇල්ලේ ගිලී පියා-පුතා- දුව මරුට

1137

වැල්ලවාය ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණි තිදෙනකු ඊයේ (20 දා) සවස දියේ ගිලී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ සිට පැමිණි එකම පවුලේ පියා (38) පුතා (15) සහ දියණිය (11) යි.

මෙම තිදෙනා තවත් අයකු සමඟ ඇල්ල නැරඹීමට පැමිණ දියේ නාන විට මියගොස් ඇත. වැල්ලවාය පොලිසිය ප‍්‍රදේශවාසීන්ගේ ද සහාය මත ඇල්ලේ ගිලී මියගොස් සිටි තිදෙනාගේ මළසිරුරු ගොඩ ගෙන වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වැල්ලවාය මූලික රෝහලට රැුගෙන ගොස් ඇත. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. රත්නායක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment