ප්‍රියමාලිගේ බිස්නස් ඩුබායිවලත්

805

සිරිසුමන හිමිට හා ඉසුරුට ඇප
ප්‍රියමාලි-ජානකී-කසුන් තවදුරටත් රිමාන්ඩ්

ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනය කර වැඩි ප්‍රතිලාභ ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් ඇතුළු කිහිපදෙනෙකු රවටා රුපියල් බිලියන 1.3 ක මුදලක් ලබාගෙන වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් වන තිළිණි පියමාලි, ජානකී සිරිවර්ධන හා කසුන් පෙරේරා යන තිදෙනා ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (30දා) නියෝග කළේය.

එම නඩුවල සෙසු සැකකරුවන් වන බොරැල්ලේ සිරිසුමන හිමියන් හා ඉසුරු බණ්ඩාර දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමටද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

තිළිණි පියමාලි ඇතුළු සැකකරුවන්ට එරෙහිව මේ වනවිට තම දෙපාර්තමේන්තුවට පැමිණිලි හතක් ලැබී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පැවැසීය. තිළිණි පියමාලි නමැත්තිය එලෙස වංචනික ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරික ආයතනයක් ලියාපදිංචි කර ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හා ජාත්‍යන්තර පොලිසියෙන් තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවැසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment