SLT-MOBITEL සහ STEMUP රටේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය නැංවීම සඳහා අත්වැල් බැඳගනී

30
ඡායාරූපය (වමේ සිට): STEMUP පදනමේ අධ්‍යක්ෂ සමීර ප්‍රජාප්‍රිය සහ එහි සභාපති ප්‍රභාත් මාන්නප්පෙරුම යන මහත්වරුන්, SLT-MOBITEL සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක සහ SLT සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ සේවා) අනුරුද්ධ සූරියආරච්චි‍ යන මහත්වරුන් සමග ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මෙරට විද්‍යා තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (Science, Technology, Engineering, and Mathematics (STEM) අධ්‍යාපනය නංවාලීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් පසුගියදා STEMUP අධ්‍යාපන පදනම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය.

STEMUP පදනම යනු මෙරට ීඔෑඵ විෂයන් ඔස්සේ උපාධි හැදෑරීමට සහ රැකියා සොයාගැනීමට උනන්දු වන පුද්ගලයන්ට අත්වැලක්වීම අරමුණු කරගත් ලාභ නොලබන සංවිධානයකි. SLT-MOBITEL සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක සහ STEMUP අධ්‍යාපන පදනමේ සභාපති ප්‍රභාත් මාන්නප්පෙරුම යන මහත්වරුන් විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment