බිත්තර නිෂ්පාදනය 5.4%කින් පහළට

76

කුකුළු පාලනය සඳහා ප්‍රමාණවත් ලෙස සත්ත්ව ආහාර ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඉකුත් වර්ෂයේ දී (2022) මෙරට බිත්තර නිෂ්පාදනය සියයට 5.4කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

2021 වර්ෂයේ දී මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1954කි. එහෙත් 2022 වර්ෂයේ දී මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1849 ක් දක්වා පහළ ගොස් ඇත. 2021 වර්ෂයේ දී බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 18.07ක් වැය වී ඇති අතර 2022 වර්ෂයේ දී බිත්තර නිෂ්පාදනය සඳහා වැය කළ මුදල රුපියල් 38.10 කි.

වී සහ බඩ ඉරිඟු නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස පහළ යෑමත් සමග දේශීයව නිෂ්පාදනය කරනු ලබන සත්ත්ව ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම, ඩොලර් නොමැතිකම නිසා ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා කිරීම, බිත්තර නිෂ්පාදනය අඩු වීමට හේතුවී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment