සමස්ත ලංකා පාසල් මේස පන්දු ජයග්‍රාහකයෝ

63

සමස්ත ලංකා පාසල් මේස පන්දු ශූරතා 2024 අවුරුදු 10න් හා 16න් පහළ තරගාවලිය පසුගියදා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ සඳහා දිවයිනේ පාසල් නියෝජනය කරමින් විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වී සිටි අතර එහි පැවැති තරග අතරින් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය 16න් පහළ ෑ කාණ්ඩයේ ශූරතාවය ද, 16 න් පහළ ෘ කාණ්ඩයේ තෙවන ස්ථානයද, 10 න් පහළ ෘ කාණ්ඩයේ තෙවන ස්ථානය ද හිමි කර ගැනීමට සමත් විය. මෙම තරගාවලිය පාසල් මේස පන්දු සංගමය මගින් සංවිධානය කර තිබූ අතර අධ්‍යාපන අමාත්‍යාංශය අනුග්‍රහය දැක්වීය.

ජයග්‍රාහී මලියදේව බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් හා පුහුණුකරු කණිෂ්ක පණ්ඩුල මහතා, ක්‍රීඩිකාවන් භාරව කටයුතු කළ මල්ලිකා අයිරංගනී ගුරුවරිය ඇතුළු පිරිස ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment