රංගනගෙන් හිස් වූ තැනට මුෂ්ටාක් අහ්මඩ්

889

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙසින් පාකිස්තාන හිටපු දඟපන්දු යවන ක්‍රීඩක මුෂ්ටාක් අහ්මඩ් තෝරාපත් කරගෙන ඇත.

මුෂ්ටාක් මේ මස අගදී බංග්ලාදේශ කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළ රංගන හේරත් සිය ධුරයෙන් පසුගිය වසර අවසානයේ ඉවත්වීමත් සමගින්, බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරයේ පුරප්පාඩුවක් ඇති විය. කෙසේ වෙතත් මුෂ්ඨාක්ගේ සහය මූලික වශයෙන් ලබාගැනීමට නියමිතව ඇත්තේ බ.ඉ.කොදෙව් දූපත් හා ඇමරිකාවේදී පැවැත්වීමට නියමිත එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදීය. 53හැවිරිදි මුෂ්ටාක් 1992 වර්ෂයේදී ලෝක කුසලානය දිනූ පාකිස්තානු කණ්ඩායමේ සාමාජිකයකු ද වූ අතර, 1990-2003 දක්වා පාකිස්තානය නියෝජනය කරමින් ක්‍රීඩා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment