රාජස්ථාන් රෝයල්ස් සාර්ථකම හඹා යෑම සම කරයි

291

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කරමින් මෙවර අයි.පී.එල් තරගාවලියේ 31 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු හා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පෙරේදා (16 වැනිදා) සමත් වූයේය.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගය ජය ගැනීම සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී එම ජයග්‍රහණය කඩුලු 8ක් දැවී සිටියදී වාර්තා කළේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 223 ක් ලබා ගත් අතර ආරම්භක පිතිකරු සුනිල් නරේන් පන්දු 56 කින් ලකුණු 109 ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත්, එම ශතකය අපතේ යැවූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ජොස් බට්ලර් පන්දු 60 කින් නොදැවී ලකුණු 107 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට වාර්තාගත ජයක් හිමි කර දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment