අධ්‍යාපන විදෙස් ශිෂ්‍යත්ව 300ක් නොසුදුස්සන්ට දෙන්න හදනවා

728

අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 300 දෙනකුට විදෙස් ශිෂ්‍යත්ව ලබාදීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ ලැබී තිබෙන රුපියල් මිලියන 2400 ක මුදලක් භාවිතා කර වංචා සහගත ආකාරයට නොසුදුසු නිලධාරීන් යැවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ප‍්‍රසම්පාදන කමිටු මගින් දෙවරක්ම විදෙස් ශිෂ්‍යත්ව ලබාදීම විනිවිදභාවයක් නැතැයි කියා ප‍්‍රතික්‍ෂේප කර තිබියදී එම නිලධාරීන්ම යැවීමට කටයුතු කිරීම පිටුපස අක‍්‍රමිකතාවක් ඇතැයි ද, ඒ ගැන විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසමට ඊයේ (30 දා* පැමිණිලි කළේ යැයි ද ජයසිංහ මහතා කීය.

මෙම ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස නිලධාරීන් 54 දෙනකු එක්සත් රාජධානිය දක්වා යැවීමට සැලසුම් කර 04 දෙනකුගේ මුදල්, ගුවන් ගමන් සඳහා වෙන්කර ඇතැයි ද ඔහු කීය. මෙහිදී එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 80 ක පමණ මුදලක් වැය කරන බව ද ඔහු කීය.

අධ්‍යාපන ඇමැතිවරුන් ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස් යන මහත්වරුන් ද මෙම ව්‍යාපෘතිය සඳහා නිලධාරීන් තෝරා ගැනීම විනිවිදභාවයක් නොමැතිකම නිසා ප‍්‍රතික්‍ෂේප කර තිබියදී කඩිමුඩියේ නිලධාරීන් යැවීමට උත්සාහ කිරීම ගැන සොයා බලන ලෙස ද පැමිණිල්ල මගින් ඉල්ලා ඇතැයි ද ජයසිංහ මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment