අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල දිනා ගනී

74

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හිමි විය. එකී අනුශූරතාව කොළඹ රාජකීය විදුහල සතු විය. රාජකීය විදුහල එල්ල කළ අභියෝගයට ප්‍රතිචාර දක්වමින් ලකුණු 10 – 05 ක ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් ශාන්ත පීතර ක්‍රීඩකයන් ජය ලබා ගැනීමට සමත් වූහ. අවසන් පූර්ව වටයේදී ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 21 – 07 ක් ලෙස පරාජය කරමින් ශාන්ත පීතර විදුහල ද කොළඹ ඉසිපතන විදුහල ලකුණු 15 – 07 ක් ලෙස පරාජය කරමින් රාජකීය විදුහල ද අවසන් සටනට වරම් ලැබීය.

මෙවර තරගාවලියේ “පළඟ” අංශයේ ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහල දිනා ගන්නා අතර වාරයේ දී “බඳුන” අංශයේ ශූරතාවයෙන් සෑහීමට පත් වන්නට කොළඹ ආනන්ද විදුහලට සිදු විය. පාදුක්ක සිරි පියරතන විදුහල “පළිහ” අංශයේ ශූරතාව දිනා ගත්තේය.

“පළඟ” අවසාන තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහල හමුවේ ලකුණු 24 – 10 ක් ලෙස පරාජය ලැබූ මහනුවර ධර්මරාජ විදුහලට අනුශූරතාව හිමි විය. කොළඹ ආනන්ද විදුහල හමුවේ ලකුණු 24 – 00 ක් ලෙස පරාජය ලැබූ කොළඹ ලුම්බිණි විදුහලට “බඳුන” අනුශූරතාව හිමි විය.

සිරි පියරතන විදුහල හමුවේ ලකුණු 12 – 07 ක් ලෙස පරාජය ලැබූ ශ්‍රී සුමංගල විදුහලට “පළිහ” අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment