උතුර නැගෙනහිර හැර අනෙක් ප්‍රදේශවලින් සජබට සියයට 39ක් තිබෙනවා – අශෝක් අබේසිංහ (සජබ)

70

උතුර නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවලින් 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ ස්වාධීන සමීක්ෂණයකින් සමගි ජන සන්ධානයට සියයට 39 ක ප්‍රතිශතයක් තිබෙන බව තහවුරු වී ඇති බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

එම සමීක්ෂණයේදී ජාතික ජන බලවේගයට සියයට 20 ක ප්‍රතිශයක්, පොදුජන පෙරමුණට සියයට 9 ක ප්‍රතිශතයක්, එක්සත් ජාතික පක්ෂයට සියයට 5 ක ප්‍රතිශතයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 5 ප්‍රතිශතයක් තිබෙන බවද හෙළි වී ඇති බව අශෝක් අබේසිංහ මහතා හෙතෙම පැවැසීය.

උතුරු නැගෙනහිර ඡන්ද කිසිසේත් පොදුජන පෙරමුණට සහ ජාතික ජනබලවේගයට ලැබෙන්නේ නැති බවත් ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා සියයට 11 ක පමණ ප්‍රතිශතයක් සමගි ජනබලවේගයට අවශ්‍ය වී ඇති බවත් සමගි ජනබලවේගයට පහසුවෙන් එම ප්‍රතිශතයට ළඟාවිය හැකි බවත් අබේසිංහ මහතා කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක් අබේසිංහ මහතා මෙසේද පැවැසීය.

නව ජනාධිපතිවරයෙක් නොවැම්බර් 17 ට පෙර පත්විය යුතුයි. ජුලි මාසය අවසානයේ ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය නිකුත් කරලා සති දෙකකට පසු නාම යෝජනා කැඳවලා පසුව සති 4 ත් 6 ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතුයි. 2024 ඔක්තොම්බර් මාසයේ 17 ට පෙර නව ජනාධිපතිවරයා පත් කරගත යුතුයි. වසර දෙක හමාරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 113 දෙනෙකු යෝජනාවක් සම්මත කර ගත්තොත් එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය ලබාදී තිබෙනවා.

මෙවැනි තත්ත්වයක බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරණය මුලින් පවත්වන්නත් මහ මැතිවරණය සඳහා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්නත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මහ මැතිවරණය කල් යන බවට ඉඟියක් ආණ්ඩුව එම ප්‍රකාශයෙන් ලබාදෙනවා. ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් කුමන තීරණයක් ගනීවිද කියලා විශ්වාස කරන්න බෑ. පැමිණෙන ඕනෑම මැතිවරණයටක මුහුණ දෙන්න සමගි ජනබලවේගය සුදානම්. ඒ වගේම ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරිමේ ශක්තිය සමගි ජනබලවේගය සතුව තිබෙනවා.

උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවල 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ සමීක්ෂණයකින් සමගි ජන සන්ධානයට සියයට 39 ක ප්‍රතිශතයක් සහ ජාතික ජන බලවේගයට සියයට 20 ප්‍රතිශයක් සහ පොදුජන පෙරමුණට සියයට 9 ක ප්‍රතිශතයක් සහ එක්සත් ජාතික පක්ෂයට සියයට 5 ක ප්‍රතිශතයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 5 ප්‍රතිශතයක් තිබෙන බව සිදුකළ ස්වාධීන සමීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. උතුරු නැගෙනහිර ඡන්ද කිසිසේත් පොදුජන පෙරමුණට ලැබෙන්නෙත් නෑ. ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා සියයට 11 ක වගේ ප්‍රමාණයක් තමයි සමගි ජනබලවේගයට අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඒ සියයට 11 ක ප්‍රතිශයත් සමගි ජනබලවේගයට පහසුවෙන් ලබාගැනීමට හැකියි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment