රු. ලක්‍ෂ 446ක පොල්තෙල් වංචා නඩුවේ විත්තිකාර ඌව තැන්නේ සුමන හිමියන්ට ඇප

100

මුදල් ගෙවන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයකුගෙන් පොල්තෙල් ලබාගෙන රුපියල් ලක්‍ෂ 446ක මුදලක් වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමාධිපති ඌව තැන්නේ සුමන හිමියන්ට විවෘත අධිකරණය හමුවේ දී අධිචෝදනා පත්‍රය භාරදී දැඩි කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (20 දා) නියෝග කළේය.

රුපියල් 20,000 ක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත නියෝග කළ විනිසුරුවරයා ඇඟිළි සලකුණු ලබාගෙන පෙර වැරැදි වාර්තා කැඳවන ලෙසටද නියෝග කළේය.

නඩුව අවසන්වනතුරු විදේශගත වීම වළක්වන නියෝගයක් ද නිකුත් කළ විනිසුරුවරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසටත් ඇප ලබාගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය. විත්තිකාර හිමියන් බ්‍රෙකෝ ඔයිල් ඇන්ඩ් ෆෲට් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ආරම්භ කොට එහි අධ්‍යක්ෂවරයකු ලෙස පෙනී සිටිමින් එකී වංචාව සිදුකළ බවට කොළඹ 15 පදිංචි ක්‍රිෂ්ණමූර්ති කලෙයි චෙල්වම් නමැත්තා කළ පැමිණිල්ලක් අනුව විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ උධෘත සලකා බැලූ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment