ශ්‍රී ලංකාව 128 – සතුටුම රට ෆින්ලන්තය – අසතුටුම ඇෆ්ගනිස්ථානය

90

ලොව සතුටුම රට බවට අඛණ්ඩව 07 වැනි වරටත් ෆින්ලන්තය පත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය මත රටවල් 143ක් යොදා ගනිමින් 2024 වසර සඳහා සිදුකර ඇති මෙම සමීක්ෂණයට අනුව ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.

ශ්‍රී ලංකාව ලොව සතුටුම රටවල් දර්ශකයේ 128 වැනි ස්ථානයට පත්ව තිබේ. ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩාව, ටියුනීසියාව යන රටවල් ද ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානවල පසුවීම විශේෂත්වයකි.

ඩෙන්මාර්කය දෙවැනි ස්ථානයේත් අයිස්ලන්තය තෙවැනි ස්ථානයේත් පසුවේ. අඩු ජනගහනයක් සහිත කුඩා රටවල් රැසක් ලොව සතුටුදායක රටවල් අතර පෙරමුණට පැමිණ තිබේ.

වසර දහයකට පසු පළමු වරට අමෙරිකාව සහ ජර්මනිය ලොව සතුටුම රටවල් 20 අතර ඇතුළත් නොවේ. නමුත් කුවේට් සහ කොස්ටාරිකා යන රටවල් පළමු රටවල් 20 අතරට ඇතුළත් වන බව ලෝක සතුටු වාර්තාව පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment