එල්පීඑල් ඇරැඹේ

136

ලංකා ප්‍රීමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරය ඊයේ (30 වැනිදා) හවස කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් ආරම්භ විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, එල්පීඑල් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල සහ අයිපීජී සමූහයේ නිර්මාතෘ අනිල් මොහාන් යන මහත්වරු සහ ඒ සඳහා සහභාගි වූහ.

මෙවර තරගාවලියේ කණ්ඩායම් 5 නායකයන් වන තිසර පෙරේරා, වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ල ද ඒ සඳහා සහභාගි වී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙවර තරගාවලියේ පළමු තරගය ලෙස ජැෆ්නා කින්ස් කණ්ඩායම සහ කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment