දරුවන් බරක් නම් මරන්න එපා: ළඟම පොලිසියට කියන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙමාපියන්ගෙන් ඉල්ලයි

309

දරුවන් හදාවඩා ගත නොහැකි නම් ඔවුන්ගේ ජීවිත හානියට පත් නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

දරුවන් හදාවඩා ගත නොහැකි නම් දෙමාපියන් ළඟම පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයට ගොස් එහි ස්ථානාධිපතිවරයා හමුවී තම ගැටලුව ඉදිරිපත් කරන ලෙසත් එහිදී දෙමාපියන්ට පිහිට වීමට ස්ථානාධිපතිවරයාට හැකි බවත් ඒ මහතා පවසයි.

කැලණිය ප්‍රදේශයේ මවක් පෙරේදා (15 දා) සිය පස්හැවිරිදි දරුවා කැලණි ගඟට දමා ඇය ද ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ අවස්ථාවේ අසල්වාසීන් ඇයගේ ජීවිතය බේරාගෙන ඇති බවත් මෙම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇය උකුළේ ආබාධයකින් පෙළී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment