මතින් මිදීමට සහාය ගන්න 1927 අමතන්න

40

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් හට ඉන් මිදීම සඳහා ස්වෙච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හා පුනරුත්ථාපනය වීමට විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වූ කාර්ය සාධක බළකාය මගින් ‘1927’ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වා දීම සිකුරාදා (26 දා) සිදු කෙරිණි.

එම කාර්ය සාධක බළකායේ සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා එම දුරකථන අංකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මෙම උපදේශන සේවාව මගින් උපදේශන නිලධාරියකුගේ සහාය ලබාදීමටත් එහිලා පෞද්ගලික රහස්‍යභාවය සුරැකීමත් සිදුකරන බව නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම දුරකථන අංකය හඳුන්වා දීමට පැවති මාධ්‍ය සාකච්ඡාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති එස්. නානායක්කාර ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තු කොමසාරිස් ගුණරත්න, පුනරුත්ථාපන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පුනරුත්ථාපන) ලුතිනන් කර්නල් දේශප්‍රියද සහභාගිවී සිටියහ.

මත්ද්‍රව්‍ය නිසා පීඩා විඳින්නන් ඉන් මුදා ගැනීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වී තිබේ.

ඡායාරූපය හා සටහන – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment