වැඩිහිටියෝ කුඹුරට දමා තරුණයෝ මල් කඩති

201

වී වගාවේ නිරතව සිටින ගොවි ජනතාවගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්ම වූ වැඩිහිටියන් බවත් ඉහළ ආදායමක් ඉපයිය හැකි එළවළු, පලතුරු හා මල්වගාව ආශ්‍රිතව තරුණ ප්‍රජාවේ ඉහළ නියෝජනයක් දක්නට ලැබෙන බවටත් තොරතුරු අනුව අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනක් හම්බන්තොටින් ආරම්භ කළ බව ඇමැතිවරයා සඳහන් කරයි.

එහි සමාරම්භය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 06ක් මූලික කරගෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර ආරම්භ කර ඇත.

ඒ අනුව අමරවිරු පියමග 32 වැඩසටහනට සමගාමීව මෙම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම 10 දා තිස්සමහාරාමයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර යන ගම්මාන දෙක ද 11 දා වීරකැටිය කැප්පිටියාව උතුර ගම්මානය ද තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස නම් කර කෘෂිකර්ම වැඩසටහන් ආරම්භ කිරීම සිදු කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment