බීඩි බද්දේ හිලක්

112

වසරකට බිලියන පහක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ බීඩී නිෂ්පාදනය කළ ද ඉන් සුරාබදු දෙපාර්තමේන්තුවට නිසි ලෙස බදු නොලැබෙන බව අනාවරණයවී ඇත.

රටපුරා බීඩී නිෂ්පාදන ආයතන හත්සියයක පමණ ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැයි සුරාබදු දෙපාර්තමේනතුව පවසයි.

එක බීඩියකින් බදු ලෙස රුපියල් දෙකක මුදලක් අය කරනු ලබයි. නමුත් බොහෝ බීඩි නිෂ්පාදකයන්ගෙන් මෙම බදු මුදල අයකර ගැනීමට නොහැකිවී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එබැන් මෙලෙස බදු නොගෙවන බීඩි නිෂ්පාදකයන්ගෙන් බදු අයකර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment