වසන්ත සේනානායක සජබයෙන් දැදිගමට

1848

විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කර තිබූ වසන්ත සේනානායක මහතා සමගි ජනබලවේගය දැදිගම ආසන සංවිධායක ලෙස පත්කර ඇත.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ වසන්ත සේනානායක මහතා සමගි ජනබලවේගය සාමාජිකත්වය ලබා දැදිගම ආසන සංවිධායක වශයෙන් පත්වීම භාරගෙන තිබේ.

මෙරට ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ මී මුණුබුරෙකු වන ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment